Wednesday, September 26, 2012

ආලය සහ ලිංගිකත්වය තුළ සැගවුණු බැඳීමේ අනුවේදනීය වෘතාන්තය ෴LOVE IN THE TIME OF CHOLERA෴


චිත්‍රපටය මෙතැනින් ගන්න 

කොළරා කාලේ ආලේ යන නමින් පරිවර්තනය වුයේ මෙම ග්‍රන්ථයයි. අද දින කතා කෙරෙනුයේ මෙම චිත්‍රපටය සහ නවකතාව පිළිබදවයි.

ඇය .... ෆර්මිනා
ඔහු .... ෆ්ලොරෙන්තිනෝ




ඔවුන් දෙදනා ළමා වියේ සොදුරු පෙම්වන්තයෝය. නමුත්.... සමාජ මට්ටමේ වෙනස මත ඔවුනට කිසි දිනෙක එක් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. කාලයේ හුදෙකලාවේ දිග්ගැස්සීමත් සමග ඔහු හුදෙකලාවෙන් තොර ජීවිතයක හුදෙකලාවට නතු වේ. ඇය විසූ පෙදෙසින් බැහැර දුර බැහැරකට ගෙන යැවේ. නිවස ඉදිරිපිට ඔහු සංගීතයෙන් හාත්පස ගීතවත් කළ බංකුව තුළ ඔහු දීර්ඝකාලින හුදකතාවේ සහ අපේක්ෂාභංගත්වයේ දණ්ඩයකට නතු වේ.


ඔහුගේ දිවියේ සියලු දුක් කම්කටොලු හමුවේ ඔහු හා බැදී සිටින්නේ ඔහුගේ මවයි. පියා නොමැති සිය පුතුගේ නඩත්තුවට පඥ්ඥාගේද සහාය ඇතිව කැප වෙන ඇය බෙහෙවින් දුක් වන්නේ ප්‍රේමය උදෙසා ඔහුගේ වූ උන්මාදනීය තත්වය ගැනයි. ෆ්ලොරෙන්තිනෝ සිය ආලය වයලිනයේ සත්සරයට මුසු කරද්දී නිවස තුළ පියාගේ රුදුරු දඩුඅඩු ග්‍රහනයට පත් වූ ඇය සිය වරදින් සිදුවූ නැන්දනියගේ පිටුවහලත් සමග අන්ත අසරණ තත්වයකට පත් වේ.




කාලයත් සමග ඇය විවාහ බන්ධනයට ඇතුළත් කෙරෙන්නේ ඇගේ පියාගේ කැමැත්ත මතය. නමුත්... දිළිදු බවත් සමාජ මට්ටමේ නොගැලපිමත් සමග පිටුපෑමට ලක්වෙන ඔහු මුළින් ඈවම පතා කාන්තාවන්ගෙන් දුරස්තරව සිටියද, අනාගතයේ දිනෙක ඇය, ෆර්මිනා හා එක් විමේ පරම අපේක්ෂාවෙන් සිය සෞඛ්‍ය තත්වය පවත්වාගනු වස් කාන්තාවන් රැසකගේ ඇසුර ලබයි.


ඇය වෛද්‍යවරයාත් සමග ඉහළ සමාජ මට්ටමකට එසැවෙද්දී ඔහු ඈ ගැනම සිතමින් සිය ඉතිරි මුළු ජීවිතයම ඈ උදෙසා වූ සංකල්ප වලට නතු කරයි. ඔවු පසු කරන්නාවූ කාන්තාවන් රැසක් වූවද ඔවුන් එකකුගෙන් හෝ ඔහු ආදරයක් නොපතනවා සේම ඔහුට අවැසි වන්නේ අනාගතයේ කෙදිනක හෝ ඇය හා එක් වූ විට ඔවුනගේ ආදරයේ උපරිම පල නෙලා ගැනීමටය. ඇගේ සැමියා මිය ගිය අවස්ථාවේ ඇය සොයා යන ඔහු ඈ නොමැතිව ගත කළ අවුරුදු මාස දින පැය ගණන ඈ හා පවසීම ඔහුගේ එම අපේක්ෂාව පිළිබිඹු කරන කදිම නිදර්ශනයකි.




සිය කවිත්වය තුළින් නිරන්තරයෙන් ඔහු අමතන්නේ ඇයවයි. ඔහුගේ සිතිවිලි පුරා අණසක පතුරුවා සිටින්නේ නෑ ගැන වූ සොදුරු මතකයයි. නමුත් ඒ දිනයේ ඇවිසින් ඔහු ප්‍රතික්ෂේප කෙරීම මත ඔහුගේ සිතිවිලි දැහැන බිද වැටේ. ඔහුගේ කඩාවැටීමත් සමග බිදවැටීමට පත් වන්නේ ඔහුගේ මවයි. අප කෘතිය තුළ සන්වේදීතාවයේ හිනිපෙත්තටම නංවන එක් සාධකයක් වන්නේ එයයි.


ආදරය................... 
ආදරයට වයස් සීමාවක් තිබේද..........
ආදරය උදෙසා කරන්නාවූ කැපවීම් වල සිමාවත් තිබේද.......
ෆ්ලොරෙන්තිනෝ ෆර්මිනා වෙනුවෙන් සිය සිත්හි තැනූ මනෝ මන්දිරයේ ස්වභාවය හුදු කාමුක ඇසුරක් පමණක්ම වීද.......................... 

එසේනම් ලිංගිකත්වය උදෙසා පමණක්ම ඔහු ඇසුරට වන්, වයස අවුරුදු දහ හතරේ සිට වැඩිහිටි කාන්තාවන් දක්වා වු අනේකවිධ පිරිස උදෙසා ඔහු සිතෙහි ආලයක් කූපන්නේ ඇයි. පිය ලිංගික ශක්තිය නොනැසී ෆර්මිනා උදෙසාම මතු දිනෙක රැකගනු වස් ඔහු ඒසා කැපවීමක් ඇය වෙනුවෙන් කරන්නේ ඇයි? එසේනම් ඔහු ඇසුරට වන් අනෙකුත් කතුන් පිළිබදව කාමුකත්වයෙන් තොර දෘශ්ටියක් නොතිබිමත්, ඔවුන්ගේ ඇසුර පැතූයේ ෆර්මිනා උදෙසා වීමත් මත අපට ඉන් පරිබාහිරට යමක් සිතීමේ ඉඩ කඩ ලැබෙන්නේ නොවේද?


අප එයයි විමසා බැලිය යුත්තේ. 
ආලය සහ ලිංගිකත්වය තුළ සැගවුණු බැදීමේ අනුවේදනීය වෘතාන්තයක් සේ මම මෙම කෘතිය දකිමි.



කතුවරයා ගැන බූන්දියේ පල වූ ලිපියක් මෙතැනින් 



Comments
17 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

17 comments:

  1. බලලාම හොදද කියන්නම්කො

    ReplyDelete
  2. කොලරා කාලේ ආලේ පොත විදර්හන පොතක් විදියට කලකට ඉහතදි මුද්‍රණය වූයේ ඒවුනත් මේ පොතවත් චිත්‍රපටයවත් බලලා නැහැ චිත්‍රපටය නම් ඉදිරි දවසක් හොයාගෙන බලන්න ඕනේ..

    කතාව සරලව කෙටින් ඉදිරිපත් කලාට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටයට කලින් පොත බලන්න
      මට පොත තරම් චිත්‍රපටය සාර්ථක බවක් දැනුණේ නැහැ
      පොත බලල ඉන්න පුළුවනිනම් වටිනවා...........

      Delete
  3. මට මතක හැටියට අවුරුදු 39යි මාස 9යි දින නම් මතක නෑ වගේ කාලයක් ඔහු ඇය වෙනුවෙන් බලා ඉන්නව නේද? මම බැලුවේ ෆිල්ම් එක...

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ බව ඔහු ඇය සමග කියනවා සැමියාගෙ මළගෙදර පැමිණි වේලේ.........

      Delete
  4. බලලම හොඳ නරක කියන්නම්කෝ...

    ReplyDelete
  5. බලල තමයි විචාරයක් දෙන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔවු අනිවාර්යයෙන්ම....
      බලල අදහස කියන්න.... :)

      Delete
  6. ohhh owa balanne na kiyala hithan hitiye..:P

    ReplyDelete
    Replies
    1. ඇස් වල බැදපු කඩතුරා ගලවලා නිවැරදි අවබෝධයෙන් බැලුවොත් ගතයුත්තක් පෙනේවි... නිවැරදි වින්දනයක් ලැබේවි.....

      Delete
  7. මම ඔය පොතයි ෆිල්ම් එකයි දෙකම බැලුව පොත තමයි හොද ම මම කියවපු හොද ම ආදර කථාව ආදර රාගය ලිංගිකත්වය මිනිස්සුන්ගෙ චරිත මෙච්චර හොදට විග්‍රහ කරපු පොතක් මම තවම කියවල නෑ

    ReplyDelete
  8. ආලයම කොළරාවකී

    ReplyDelete