Sunday, September 2, 2012

"වරප්‍රසාද ලත් ගණිකාව" හෙවත් ගේෂාව MEMOIRS OF A GEISHA චිත්‍රපටය


අද ඔබ වෙත ගෙන එන්නේ නවමු ආකාරයේ චිත්‍රපටයකි. ගේෂාව... නැතිනම් අවසරපත් ලද ගණිකාව... පිළිබද ආකාර්ෂනිය කතාන්දරයකි. MEMOIRS OF A GEISHA 

දරිද්‍රතාවයට පිළියම් වශයෙන් ඇය සහ සොයුරිය එනම් Chiyo සහ Satsu සිය පියා විසින් විකුණනු ලැබේ. මහ වැස්සක තෙමි තෙමී කරත්තයෙන් බලහත්කාරයෙන් ඔවුන් දෙදෙනා සිය නිවසින් පිට කෙරේ.

ඔවුන් ගෙන එන්නේ ගේෂාවන්ගේ වීදිටටයි. සොයුරියෝ එකිනෙකාගෙන් වෙන් වන්නේ Chiyo පමණක් එම ගණිකා නිවාසයකින් තෝරා ගනු ලැබු බැවිනි. ජලය විනිවිද දෙවන ඇගේ නෙත් හේතුවෙන් ඇය එහි සේවිකාවක ලෙස ගනු ලැබේ. ඇය එහිම විසූ තවත් ඇය වැනිම කෙල්ලක වන Pumkinයටතට පත්වේ. මෙහිදි ඔවුන් ගේෂා පාසලකට යොමු කෙරේ. නර්තනය, ගායනය ආදිවූ ගේෂාවක දැන සිටිය යුතු ඇවතුම් පැවතුම් පිළිබද මෙහිදී හදාරනු ලැබේ. ඒ Chiyo වයස අවුරුදු නවයක දැරියක්ව සිටියදිය.

Mother හෙවත් Oka-san යනු මෙම ගේෂා නිවසේ පාලිකාවයි. ඇය යටතේ ප්‍රධාන ගේෂාවක් මෙහි වාසය කරයි. මුල සිටම Chiyo මුහුණදෙන අර්බුද කේන්ද්‍රගතවි ඇත්තේ ඇය පසුබිම් කරගෙනයි. වහලියක ලෙස මෙහි ගත කළ කාලය තුළ ප්‍රධාන ගේෂාවගේ තාඩනයන්ට ලක් වන Chiyo ඇයගේ අනියම් සම්බන්ධය Oka-san හමුවේ හෙළිදරවු කළ පසු දෙදෙනා අතර ඔඩුදුවන විරසකය, ගේෂාවන් ලෙස පසුකාලිනව එකිනෙකා හඹායාමේ තරඟයට පදනම් වන මුඛ්‍ය කාරණයකි.

දිනෙන් දින සිදුවන වෙනස්විම් මත Pumkinද ගේෂාවක බවට පත්වේ. Chiyo සිටි තැනම, වහලියක් ලෙස සිය කටයුතු අතර හැදි වැඩේ. සිය ජීවිතයේ අප්‍රමාණ බලාපොරොත්තු ඈ තුළ ගේඩනංවන පුද්ගලයා ඇයම මුණ ගැසෙන්නේ මේ අතරතුරදීය. සිය රසවින්දනාත්මක මතකයන් අතරට එක්වන ඒ හමුවෙන් ඇය ලද ලේන්සුව තමා සමීපයේ සුරැකිව තපා ඔහුගෙන් ලද කාසි කිහිපය පන්සලට පුදා ඇය ප්‍රාර්ථනා කරනුයේ එකම එක දෙයකි. එනම් ඒ ආකර්ශනිය පුද්ගලයා සිය ජීවිතයේ නැවත වරකදි ඇයට මුණගස්වන ලෙසයි. Chiyo ගේෂාවක බවට පත්වීමට මහත් බලාපොරොත්තු ගොඩනංවා ගන්නේ මෙම අවස්ථාවේදීය. ඇයගේ ජීවිතේ හැරවුම් ලක්ෂය එයයි.

One-san ඇය සදහා විශාල මිලක් සදහන් කරනා තෙක් ගෙවූ ඇයගේ වහල් දිවිය උඩුයටිකුරු වන්නේ ඇය පිළිගත් ගේෂාවක බවට පත්විමෙනුත් Pumkin සේවිකාවකගේ තත්වයට පත් විමෙනුත්ය. මෙම සුවිශේෂී සමාජය තුළ හදුනාගැන්මට ලැබෙන තවත් එක් වෛශේෂික ලක්ෂණයක් වන්නේ මෙයයි. ‍

One-san යටතේ ඇය ගේෂාවක ප්‍රගුණ කළ යුතු ගුණාංග කලාංග සියල්ල පරිපූර්ණ කරයි. ගේෂාවෝ යනු බිරින්දැවරුන් නොවන පිරිසක් බවත්, සුන්දරත්වයෙන් පිරුණු රහසිගත ලොවක් නිර්මාණය කරන්නන් බවත් ඇය මෙහිදි අවබෝධ කොට ගනී. ගේෂාවන්ගේ සුකුමාල ලාලිත්‍යවත් ශෛලිය ඇය අන්තර්ග්‍රහණය කරන්නීය. ඇයගේ පැතුම වන්නේ ශ්‍රේෂ්ටතම ගේෂාව බවට‍පෙත් විමයි.

ගේෂාවක ලෙස නැවත ඇය නම් කරනු ලැබේ. ඒ Sayuri නමිනි.

ගේෂාවක ලෙස ඇය නැරඹු ඇගේ පළමු sumo තරගය ඇයට සුවිශේෂී වුවකි. ඒ ඇය‍ කුඩා කල පන්සලේදි කළ ප්‍රාර්ථකාව මෙහිදි සථල වීමයි. නමුත් වැඩිම ලාභය මත කෙරෙන ගේෂා තරගයේදී ඇයට බල කෙරෙනු ලබන්නේ වෙනකෙකුගේ ආකර්ෂණය දිනා ගැනිමටයි.

ඇයගේ පළමු රංගය.... ජවය, ආවේගය, පෙළඹවිම මුසු වූ සරාගී රංගනය... මින් ඇය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරවන්නීය.

බලකාමියෙකුගේ රුදුරු දෑතට මැදිව, ගේෂාවක් ලෙස ගෙවන ඇගේ දිවියේ පළමු ජවනිකාව කෙළවර වන්නේ බලහත්කාරයකිනි. යෙන් 15000කව ඇයගේ මිල නියම වු අවස්ථාවේ ගේෂා නිවසේ පෙර සිටි ප්‍රෂාන ගේෂාවගේ ක්‍රෝධය, ඊර්ෂාව නැවත ඇය වටා රොද බැදෙනු දක්නට ලැබේ. මෙකී අවස්ථාවන්හි Chiyo හෙවත් Sayuri ඒවාට මුහුණදෙන මැදිගත් ස්වරූපය මත අපට ගෙන එන්නේ ඈ පිළිබද සුබවාදී ආකල්පයකි.

සම්මත අරිදි ඇය පළමු වරට ගේෂාවක ලෙස සිය පාරිභෝගියකා වෙත සේවය සපයා පැමිණි පසු Oka-san ඇයව වැළද ගන්නේ හද පිරි සතුටින් යුතුව "You are full Geisha now" කියමිනි. ළමා කල සිට Chiyoගේ එකම පැතුම එයම වුවද මෙකී අවස්ථාවේදී රූපරාමු තුළ චිත්‍රණය වන ඇයගේ මුහුණ ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ කැළඹුණු, අපේක්ෂාභංගත්වයට පත් වුණු ඇයගේ යථා චිත්ත ස්වභාවයයි.









යුද්ධයෙන් පසු එළඹුණු දිර්ඝ කාලය පුරා ඇය අපේක්ෂා කරන්නේ සිය සිත් ගත් පුදුගලයා නැවත දැකීමේ පැතුම සමගිනි. ජපන් සංස්කාතියේ ආගන්තුක සත්කාරයේ තරම ඇමරිකානුවන් හට පෙන්විම සදහා ඔහුගෙන් ලද ආරාධනය මත ඇය නැවත ගේෂාවක ලෙස සිය සේවය සැපයිම පිණිස පිටත්වේ. ඇය නැවත ගේෂාවක බවට පත් වන්නේද තම සිත් ගත් තැනැත්තා නැවත දැකීමට ඇති එකම අවස්ථාව එය වන හෙයිනි. මින් ඉස්මතු වන්නේ ධනය, ප්‍රසිද්ධිය, ආකර්ෂණය මත පළමුව ගේෂාවක විමට තිබු ඇයගේ කැමැත්ත දෙවන අවස්ථාව වන විට ආදරය පදනම් කරගත් කැපවිමකට විකසනය වන බවයි. ගේෂාවන්ගේ සගවාගත් ආදරයේ අදුරු ප්‍රතිඵලයක් ලෙස Pumkin විසින් ඇය පාවා දෙනු ලබන්නේ මේ කාලයෙහිදිය.

සුළගේ යවනු ලබන ඔහුගේ ලේන්සුව සමග නිරූපණය වන්නේ අතීත ස්මරණයක සිතිවිලි ඇය සිතින් පා කර හරින ආකාරයයි.

ඇය නැවන නැවතත් සිතයි....
.... ගේෂාවන් යනු කලාකාරිණියන්,
.... ඇය නටයි,
.... ඇය ගයයි,
.... අන් අය වින්දනයට පත් කරයි...

නැවත සිය ගේෂා ජීවිතයේ තිරණාත්මක අවස්ථාවකට පත් කෙරෙන ඇය දක්වන රූපරාමු අතර නෙත ගැටෙන වයස අවුරුදු හතක පමණ කුඩා දැරිය බලහත්කාරයෙන් Chiyo මෙම නිවෙස වෙත ගෙන ආ මුල් යුගය සිහි ගන්වාලයි.

ඇයගේ පැතුම... පන්සලේදි ඇය කළ එකම පැතුම යථාර්ථයක් කරමින් අවසානයේ ඇයගේ සිහිනය සැබැවින්ම ඇය නෙත් ඉදිරියේ දර්ශනය වේ...

"වරප්‍රසාද ලත් ගණිකාව" හෙවත් ගේෂාව පිළිබදව මෙම චිත්‍රපටය අප හමුවේ ඉතා අපුරු ලෝකයක් මවාලයි...

Comments
2 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

2 comments:

  1. හ්ම්ම්ම්ම් හොඳට ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයා.... ^_^

      Delete