සිතිවිලි
මිටි බැඳ අසුරා
පිළිවෙලට තැබු ඇගේ රාක්කෙන් එකිනෙක සිතිවිලි මිටි දිගහරින මා ඒවා ඔබ ඉදිරියේ විවර කරමි. ඇය බෙහෙවින් ආශා කළේ
සිතිවිලි රාක්කයක්
පිරවිමට නොව
පොත් රාක්ක ගණන් පුරවා ඈටම වෙන් කළ පුස්තකාලයක ආඩම්බරකාර හිමිකාරියක විමටයි.
“උඹ මහ ආත්මාර්ථකාමි ගෑණියෙක්”
ඇගේ ආශාව ඇසූ සමීපතමයෙක් දිනක් දුරකථන සංවාදයකදී ඈට බැන වැදුණි.
“පොත්
ගොඩගහගන්නෙ
ආත්මාර්ථකාමී මිනිස්සු. පොතක් ගත්තම කියවලා කාටහරි දිපං. නැත්නම් අළුතින්ම පොත් උඹටම කියල සල්ලිවලට ගන් නැතිව, ඒ පොත තියන එකෙක්ගෙන්
ඉල්ලගනිං.”
“බෑ... මට ඕන ලස්සනට පොත් පිරුණු රාක්කයක්”
ඈ ඔහු කියන්නක් නොඅසා ස්වමතයේම රඳමින්
තම අතාගත පොත් රාක්කයට එක් විය යුතු,
ඒ වන විට පාඨක රසවින්දනය නොමදව දිනා ඇති අළුත් පොත්
මිතුරන්ගෙන් අසා
ලැයිස්තු ගත
කරන්නි පඩි දා නොවැරදීම දෙතුන් දහසක පොත් මිලදි ගන්නීය. ජීවිතයේ පළමුවර ඈටම කියා පොතක් ලැබුණු දිනය කෙසේවතුදු, ඈ උදෙසාම ලද ළමා
පත්තරය ලත් දින
ඈ මතකයේ හොඳින් සටහන් වි තිබිණි. “බිංදු” ලෙසින් නම සඳහන්
වු එහි කවරය
සැරසූයේ දුඹුරු පැහැති වලස් මවක් පියෙක් සහ බබෙකි. සීයා සමග එක්වී දහවල පුරා වැටහිර කෝටු සුද්ද කිරිමෙන් සිරුර පුරා
තවරාගත් ගස් ගඳට
ඇලෙන දහඩියද
එක්කරගත් ඈ අම්මා දුන් පත්තරය අතට ගත්තා නොව ඩැහැගත්තීය. සිව් වන විය සපුරා තිබූ ඇය ඒ වන විට කියවීම හුරු කරගෙන සිටියා
සේම වඩාත් රුචි
කළේ
පාටකූරුවලින් හරඹ දැක්විමටයි.





.jpg)



.jpg)






.jpg)




